මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් රඳවා තබාගත් බවට පැවසෙන ගිරිතලේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා කඳවුරේ අදාළ කාලසීමාව තුළ තොරතුරු විමර්ශනය කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් ආර්. බී. නෙළුම්දෙණිය මහතා රහස් පොලිසියට අවසර ලබා දී තිබේ.
ඊට අමතරව මෙම පරිකෂණ කටයුතු වල යෙදෙන රහස් පොලිස් නිළධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසත් ඔවුගේ ආරකෂාව සඳහා යුද හමුදා පොලිසියේ නිළධාරීන් යොදවන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා යුද හමුදාපතිවරයාට නියම කළේය.
ඒ අනුව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ රඳවා තිබූ බවට පැවසෙන කාලය තුළ බුද්ධි කඳවුරේ පවත්වාගෙන ගිය සියලුම ලේඛණවල තොරතුරු, නිලධාරීන්ගේ දුරකතන වාර්තා, රථවාහන පිළිබඳව තොරතුරු, කඳවුරට වාහන පැමිණීම පිළිබඳ තොරතුරු, එම කාලසීමවේ කඳවුරේ සිටි බුද්ධි නිලධාරීන් පිළබඳ වාර්තා ලබා ගැනීමට අධිකරණය අවසර ලබා දී තිබේ.
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳව ලූතිනන් කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් පිරිසක් මේ වන විට රහස් පොලිසිය විසින් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.









