ගම්මන්පිලට වැඩ වරදී – පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කතානායකවරයාට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇති බව වාර්තා වේ.

පසුගිය දිනෙක පැවැති මාධ්‍ය හමුවකදී කතානායකවයා අගමැතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක වගේ. කතානායක කියන්නේ අගමැතිට ඕන දේවල්. ඒ නිසා කතානායකවරයා තනතුරින් ඉල්ලා අස්විය යුතු යැයි ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

පසුගිය 01 වැනි දින නියෝජ්‍ය කතානයකවරයාගේ මූලිකත්වයෙන් රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව සාක්ච්ඡා කෙරී ඇති අතර ඉදිරි දිනයකදී ගම්මන්පිල මන්ත්‍රීවරයා වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතය. මීට පෙරද අටවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදීද එම අවස්ථාවට නොගැලපෙන ලෙස ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ගම්මන්පිල මන්ත්‍රීවරයා සභාගර්භයේදී දෝෂාරෝපණයට ලක්විය.

Facebook
Twitter
LinkedIn