යහපාලන ආණ්ඩුව අර්බුදය හමුවේ රබර් සහනාධාරය කපයි

ආණ්ඩුව මුහුණ දී සිටින දැඩි මූල්‍ය අර්බුදය හමුවේ රබර් නිෂ්පාදකයින්හට ලබා දී තිබූ සහනාධාරය පසුගිය පළමුවැනි දින සිට කපාහැර දමා තිබේ.

වෙළඳපොළේ රබර් මිල රුපියල් 130ක්  වන අතර රබර් නිෂ්පාදකයින්ගෙන් ආණ්ඩුව මිලදී ගනු ලැබුවේ රුපියල් 300ක මුදලකටය. ආණ්ඩුව එම මුදල සහනාධාරයක් ලෙස රබර් නිෂ්පාදකයින් වෙත ලබා දුන්නේය.

එම සහනාධාරය අහෝසි කරන බව ආණ්ඩුව රබර් වෙළඳුන් වෙත නිල වශයෙන් දැනුම් දී ඇති අතර ඉදිරියේදී රබර් කර්මාන්තය දැඩිලෙස කඩා වැටීමේ අවදානමක් මතුව තිබෙන බව රබර් නිෂ්පාදකයෝ පවසති.

Facebook
Twitter
LinkedIn