එජාපය, ශ්රීලනිපය ප්රමුඛ හවුල් ආණ්ඩුවේ ඇමතිවරුන් අතර ගැටුම් මේ වනවිට උග්‍ර වෙමින් පවතින බව වාර්තා වේ. පසුගිය 21 වනි දින ඇමතිවරුන්ට අදාළ විෂයයන් බෙදීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව මෙම තත්වය වඩාත් උග්‍ර අතට පත්ව තිබේ.
විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සැළකිය යුතු ඇමතිවරුන් පිරිසකට ලබාදුන් අමාත්‍යංශයන් පිළිබඳව ඔවුන් දැඩි ලෙස නොසතුටින් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිධූර ලබා ගත් පිරිස අතර සිටින රාජපක්ෂ පිල නියෝජනය කරනු ලැබූ පිරිසට ලබා දුන් ඇමති ධූර හා නියෝජ්‍ය ඇමති ධූර පිළිබඳව මේ වනවිට දැඩි ලෙස කතාබහක් ගොඩනැගී ඇති බවත් පැවසේ.
රාජපක්ෂ ආණ්ඩුවේ සිටි බැසිල් ඇමතිවරයාට ආරථික සංවර්ධන අමාත්‍යංශය හරහා සියලු අමාත්‍යංශවලට මැදිහත් විය හැකිව තිබූ අයුරින් වත්මන් ආණ්ඩුවේද චම්පික රණවක ඇමතිවරයාට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හරහා එවැනි ඉඩක් ලබා දීම පිළිබඳව දැඩි විරෝධයක් ඇමතිවරුන්ගෙන් එල්ලවී ඇති බව පැවසේ.
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් තිහකට අධික පිරිසකට මේ වනවිට සිය අමාත්‍යංශ පවත්වාගෙන යෑම සඳහා ගොඩනැගිලි පවා නොමැති බවත් වාර්තා වේ.









