ඇෆ්ගන් රෝහලට එල්ල කළ ඇමෙරිකාවෙන් ගුවන් ප්‍රහාරට විරෝධය!

ඇෆ්ගනිස්ථානයේ කුන්ඩූස්හි පහිටි සායනික රෝහලකට අද (03) එල්ල වූ ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයෙන් එම රෝහලේ කාර්යමණ්ඩලයේ දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 37 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තලේබාන් සටන් කාමීන් විසින් පසුගියදා කුන්ඩූස් නගරයේ බලය අත්පත් කර ගත් අතර පසුව ඇෆ්ගන් හමුදාව හා ඇමෙරිකානු හමුදාව එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පසුව එම නගරයේ බලන නැවතත් ඇෆ්ගන් හමුදාව අතට පත් විය.

එසේ තිබියදී ඇමෙරිකානු හමුදාව මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර තිබේ. ඇමෙරිකාව එල්ල කරනු ලැබූ මෙම ගුවන් ප්‍රහාරයට එරෙහිව මේ වනවිට ජාත්‍යන්තර සංවිධානය දැඩි විරෝධය එල්ල කර තිබෙන අතර මේ පිළිබඳ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙසට බලපෑම් එල්ල වෙමින් තිබේ.

Facebook
Twitter
LinkedIn