රුපියලේ අගය වේගයෙන් පහත වැටීම නිසා ආනයනය කරනු ලබන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහතුනක සහ ඖෂධ ඇතුණු අනිකුත් අත්‍යාවශ්‍ය ආනයනික භාණ්ඩ 63ක මිල සීඝ්රයෙන් ඉහළ යමින් පවති.
ඊට අමතරව මෙරටට ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ කෙරෙහි රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මිල ගණන් ඉහළ යමින් පවතී. විශේෂයෙන්ම ඇඟළුම් කර්මාන්තයට අදාළ අමුද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය කෙරෙහි වැඩි වශයෙන් මෙම තත්වය බලපානු ඇති බව පැවසේ.
ආණ්ඩුව මෙලෙස රුපියල අවප්‍රමාණය වීමට ඉඩ සැලසීම හරහා තමන්ගේ දෛනික ආදායම ඉහළ නොගිය අති බහුතරයක් වන සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට ඉදිරියේදී දැඩි බලපෑමක් එල්ල වේ. විශේෂයෙන්ම පුද්ගලික අංශයේ සේවකයින්, ස්වයං රැකියාවල නිරත වන්නන්, ගොවි, ධීවර ඇතුළු ජනතාවට දරාගත නොහැකි පීඩනයක් ඉදිරියේදී එල්ල වන බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු හඟවති.
Views: 0









