ටෙස්ට්, එක්දින හා පන්දුවාර විස්ස තරගාවලියන් සඳහා සහභාගී වීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (01) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණියේය.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 14 වැනි දින ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම ටෙස්ට් තරගාවලියේදී ටෙස්ට් වරම් ලබා ගනු ඇති බව පැවසේ.
කුමර් සංගක්කාර හා මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පසු බෑමකට ලක්විය. විශේෂයෙන්ම පකිස්ථානය හා ඉන්දියාව සමග පැවැති ටෙස්ට් තරගාවලි දෙකෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අමිහිරි පරාජයන්ගෙන් අත්දැකීම් ලබා මෙවර තරගාවලියට මුහුණ දිය යුතුව තිබේ.
Views: 0








