ඉන්දියාව භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් ලංකාවට

ඉන්දියාව භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් ලංකාවට

ඉන්දියාව සිය භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් ලංකාවට එවීම සඳහා සූදානම් වන බවත් ඉන්දියාව පසුගියදා ලංකාවට ලබා දීමට එකඟ වී ඇති දුම්රිය එන්ජින් 20ද එවැනි භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් බවත් වාර්තා වේ.

ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමග මෙලෙස ඔවුන් භාවිතා කරමින් තිබූ දුම්රිය එන්ජිත් භාවිතයෙන් ඉවත් කර තිබේ. ඉන්දියා මෙරට දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා ලබා දීමට එකඟ වී ඇත්තේ මෙලෙස භාවිතයෙන් ඉවත් කළ එන්ජින් බව මෙරට දුම්රිය දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

එම දුම්රිය එන්ජින් මෙරටට යෝග්‍ය වන්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉදිරියේ දී තාක්ෂණික කණ්ඩායමක් ඉන්දියාව වෙත යැවීමට තීරණය කර ඇති බවද මේ අතර පැවසේ.

අනතුරුව එම දුම්රිය එන්ජින් මෙරටට ලබා ගැනීමට තීරණයක් ගැනීමට නියමිත බවද පැවසේ.

Facebook
Twitter
LinkedIn