මට ගහ ගහ ඇහුවේ පෞරාණික කඩුවක් ගැන… පැහැර ගත් ලංගම රියදුරා සියල්ල හෙළි කරයි…

මට ගහ ගහ ඇහුවේ පෞරාණික කඩුවක් ගැන… පැහැර ගත් ලංගම රියදුරා සියල්ල හෙළි කරයි…

තමන්ව පැහැර ගෙන ගිය පිරිස තමන්ට පහර දෙමින් විමසා සිටියේ පෞරාණික කඩුවක් සම්බන්ධයෙන් යැයි ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක සිටියදී පිරිසක් විසින් පැහැර ගෙන ගිය එම බස් රථයේ මගියෙකු ලෙස ගමන් කරමින් සිටි ලංගම රියදුරා එම පිරිසෙන් මිදී යළි ඊයේ (24) රාත්‍රියේ ගම්පොළ පොලිසිය වෙත පැමිණ පවසා තිබේ.

පැහැර ගත් පිරිස කඩුව ගැන විසමින් තමන්ව කොළඹට පැහැර ගෙන ආ බවද ඔහු පොලිසියට පවසා ඇත.

මාවෙල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් හඹා ආ වෑන් රථයක් මඟ අවහිර කොට නවත්වා එහි සිව්දෙනෙක් බස් රථයට ගොඩ වී එහි සිටි මගියෙකු වන ගම්පොළ ඩිපෝවේ 46 හැවිරිදි රියදුරෙකු වන හේමන්ත රාජපක්ෂට පිහි ප්‍රහාරයක් එල්ල කර තුවාල සහිතව ඔහුව වෑන් රථයක නන්වාගෙන පැහැර ගෙන යාමටද අදාළ පිරිස කටයුතු කර තිබිණි.

ඔහු සිය රැකියාව සඳහා පිටත්ව යන අතරතුරදී මෙම සිද්ධියට මුහුණ පා තිබිණි.

එම පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ, තමාව කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයට වෑන් රථයෙන් රැගෙන ගිය අතර එහිදී තමා සතුව තිබූ කඩුවක් පිළිබඳව එම පිරිස පහර දෙමින් විමසූ බවය.

පැහැර ගැනීමට පැමිණි පිරිස අතර කාන්තාවක්ද සිට ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙන අතර පහරකෑමට ලක් වූ රියදුරා ප්‍රතිකාර සඳහා ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඊයේ රාත්‍රීයේම ඇතුළත් කර ඇත.

Facebook
Twitter
LinkedIn