මුදල් මණ්ඩලයේ දෙදෙනෙකු ඉල්ලා අස්වීමට තීරණය කරලා

මුදල් මණ්ඩලයේ දෙදෙනෙකු ඉල්ලා අස්වීමට තීරණය කරලා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූදල් මණ්ඩලයේ නියෝජිතයින් දෙදෙනෙකු ඉල්ලා අස්වී මට තීරණය කර ඇතැයි වාර්තා වේ.

එසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ ආචාර්ය රාණි ජයමහ සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන දෙදෙනා බවද වාර්තා වේ.

මෙම දෙදෙනා වසර ගණනාවක් මුදල් මණ්ඩලය නියෝජනය කළ සාමාජිකයන්ය.

මෙම දෙදෙනා මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකු නව පනත මේ වනවිට බලාත්මක හෙයින් ඒ සඳහා තමන්ට අවශ්‍ය අය පත් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා ඔහුට ඉඩ ලබා දෙමින් යැයිද පැවසේ.

මෙතෙක් මුදල් මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව පහකට සීමා වී තිබූ අතර නව පනත බලාත්මක වීමත් සමග එහි සාමාජිකයින් සංඛ්‍යාව නමය දක්වා වැඩි වී තිබේ. ඒ අනුව ඉදිරියේදී මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් පිරිසක් පත් වනු ඇතැයිද වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

මූලාශ්‍ර ලංකාදීප

මීට පෙර එනම් 2020 ජුනි මාසයේදීද මෙලෙසම මුදල් මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනකු වන නිහාල් ෆොන්සේකා සහ ආචාර්ය දුෂ්නි වීරකෝන් මුදල් මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. නමුත් පසුව යළිත් නිහාල් ෆොන්සේකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් කළ අතර ආචාර්ය දුෂ්නි වීරකෝන් පත් කරනු ලැබුවේ ආචාර්ය රාණි ජයමහ වෙනුවටය.

ආශ්‍රිත පුවත්

මහ බැංකු මුදල් මණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Facebook
Twitter
LinkedIn