කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත අධ්‍යාපන කොට්ඨාසයට අයත් හිරිපිටිය ප්‍රාථමික පාසලේ සිසු සිසුවියන් පිරිසකට වැළඳී ඇති සම මතුපිට කැසීමක් සමඟ පළු දැමීමේ රෝගී තත්වයක් හේතුවෙන් එම පාසල දින කීපයකට වසා දමා ඇති බව වාර්තාවේ.
සිසු සිසුවියන් පිරිසකට වැළඳී ඇති මෙම චර්ම රෝගය පසුව සිසු සිසුවියන් පහළොස් දෙනෙකුට පමණ බෝවී ඇත.
සිසු සිසුවියන් තුන්සීයකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන මෙම විදුහලේ එක්වරම හටගෙන ඇති මෙම රෝගී තත්වය අනෙකුත් සිසුන් අතරද පැතිර යාමෙන් වළක්වා ගැනීම සඳහා අධ්‍යාපන බලධාරීන්ගේ උපදෙස් අනුව මෙලෙස පාසල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
රෝගීවූ සිසුන් ප්‍රතිකාර සඳහා හිරිපිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඔවුන්ට බරපතළ රෝගී තත්වයක් නොමැති බවය.
Views: 0










