ලොව බිය ගන්වමින් මාරාන්තික “නිපා” වෛරසය තවත් රටවල් රැසක පැතිරෙයි

ලොව බිය ගන්වමින් මාරාන්තික “නිපා” වෛරසය තවත් රටවල් රැසක පැතිරෙයි

ලොව පළමු වරට මැලේසියාවෙන් වාර්තා වූ “නිපා” වෛරසය පසුගියදා ඉන්දියා දැඩිව පැතිර යමින් තිබූ අතර මේ වනවිට තවත් රටවල් රැසක ව්‍යාප්ත වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලද මේ වනවිට මෙම “නිපා” වෛරසය ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“නිපා” වෛරසය සිව්වැනි වරටත් කේරළ ප්‍රාන්තයේ ව්‍යාප්ත වෙමින් තිබෙන අතර වවුලුන් හා නරියන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති මෙම වෛරසය Paramyxoviridae පවුලට අයත් RNA වෛරසයකි.

මෙම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණ වීමේ අවධානම ඉතා ඉහළ බවත් මෙම වෛරසය ආසාදනය වූවන්ට උණ, දැඩි හිසරදය, නිද බර ගතිය සහ ව්‍යාකූලත්වය මෙන්ම පපුවේ ආසාදන තත්වයන්ද ඇතිවිය හැකි බව අත්දැකීම් ඇති රටවල සෞඛ්‍ය අංශ සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වැඩිරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn