ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසාන මහා තරඟයට ත ආරම්භ වී ඕවර් 15යි පන්දු දෙකකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50කට සීමා කරමින් සියලුම ක්‍රීඩකයන් දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.
ඒ අනුව එය ආසියානු කුසලාන ඉතිහාසයේ ක්‍රිකට් කණ්ඩායමක් අඩුම ලකුණු මට්ටමකට දැවී යාම ලෙස වාර්තා පොත් අතරට එක්වේ.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ආසියානු කුසලාන තරඟාවලියක ලබා ගත් අඩුම ලකුණු මට්ටම බවටද මේ වනවිට මෙය සනිටුහන් වි අවසන්ය.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා ආරම්භක පිතිකරුවන් වන කුසල් පෙරේරා සහ පැතුම් නිස්සංක පිටියට පිවිසි අතර පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා කැඳවූ අතර ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් පෙරේරා ලකුණු නොලබා දැවී ගියේ පළමු කඩුල්ල ලෙසය.
ඉන් පසු මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් හමුවේ පොයින්ට් කලාපයේ පන්දු රකිමින් සිටි රවින්ද්‍ර ජදේජා අතට උඩ පන්දුවක් දෙමින් පැතුම් නිස්සංක ලකුණු 02කට දැවී ගියේ දෙවෙනි කඩුල්ල ලෙසය. ඉන් පසු මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් සදීර සමරවික්‍රම තෙවෙනි කඩුල්ල ලෙස ලකුණු නොලබා දැවී යිය.
ඉන් පසු සිව්වන කඩුල්ල ලෙස මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් හමුවේ කවර් කලාපයේ පන්දු රකිමින් සිටි ඉෂාන් කිෂන් අතට උඩ පන්දුවක් දෙමින් චරිත් අසලංක ලකුණු නොලබා දැවී ගියේය. පස්වන කඩුල්ල ලෙස මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් දෙමින් ධනංජය ද සිල්වා ලකුණු 04කට දැවී ගියේය. ඉන් පසු හයවන කඩුල්ල ලෙස මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙන් දසුන් ශානක ලකුණු නොලබා දැවී ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ 07 වන කඩුල්ල ලෙස මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 17කට දැවී ගියේය. ඉන් පසු හර්දීක් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් දෙමින් 08වන කඩුල්ල ලෙස දුනිත් වෙල්ලාලගේ ලකුණු 08කට දැවී ගියේය. ඉන් පසු 09 වන කඩුල්ල ලෙස හර්දීක් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ පළමු ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටි විරාට් කෝලි අතට උඩ පන්දුවක් දෙමින් ප්‍රමෝද් මධුෂාන් එක් ලකුණකට දැවී ගියේය.
10වන කඩුල්ල ලෙස හර්දීක් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ පොයින්ට් කලාපයේ පන්දු රකිමින් සිටි ඉෂාන් කිෂන් අතට උඩ පන්දුවක් දෙමින් මතීෂ පතිරණ ලකුණු නොලබා දැවී ගියේ ලකුණු 50ක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ සටහන් කරමිණි.









