බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති විජයදාස රාජපක්ෂගේ නියෝග පරිදි ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඊයේ (16) ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.
මීට පෙර මේ වසරේ මාර්තු මස 22 වැනි දින ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර ඊට බොහෝ පාර්ශවවලින් විරෝධතා එල්ල වීමත් සමඟ එය සංශෝධනය කිරීමට ආණ්ඩුව විසින් තීරණය කරන ලදී.
ඒ අනුව මෙලෙස යළි ගැසට් කර ඇත්තේ බොහෝ දෙනෙකුගේ උපදෙස් සහ අදහස් ලබාගෙන එම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සංශෝධනය කළ බව පවසමිනි.
එම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පළමු වර කියවීමෙන් අනතුරුව ඊට එරෙහි ව විරෝධතා ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ හැකි බව ඇමති විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරයි.
91









