සලේට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් 10 දෙනෙකුට අධිකරණයෙන් නොතීසි

සලේට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් 10 දෙනෙකුට අධිකරණයෙන් නොතීසි

සුරේෂ් සලේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කළ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට ඔක්තෝබර් 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ මහේස්ත්‍රාත් පසන් අමරසේන නොතීසි නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලිමෙන් අනතුරුවය.

වැඩිදුරටත් සඳහන් වන්නේ, සුරේෂ් සලේ, සැප්තැම්බර් 28 වැනිදා දක්වා ජාතික රෝහලේ රඳවා සිටිය යුතු බවට වෛද්‍යවරුන් මීට පෙර නිර්දේශ කර තිබුණු අතර, එම දිනය පසු වී ඇති බැවින් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වමින් මෙසේ නොතිසි නිකුත් කර ඇති බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්