ආණ්ඩුව සඟවන ඇත්ත එළියට

ආණ්ඩුව සඟවන ඇත්ත එළියට

මෙරට ආර්ථිකය ගොඩ ගනිමින් පවතින බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය 5%වඩා අඩුකර ඇති බවත් මහ බැංකු අධිපති සහ ආණ්ඩුව නිතර ප්‍රකාශ කළ ද, ඒ තුළ සඟවා තිබෙන ඇත්ත තත්වය ආර්ථික විද්‍යාඥයින් හෙලිකරමින් සිටී.

මේ පිළිබඳ නවතම දත්ත ඊයේ (07) රාත්‍රියේ සිරස රූපවාහිනියේ මාවත වැඩ සටහනට එක්වූ ආර්ථික විද්‍යා ආචාර්ය මහාචාර්යවරුන් පෙන්වා දෙනු ලැබීය. එම ආචාර්ය මහාචාර්යවරු අතරින් සබරගමුව විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අරුණ ශාන්තාරච්චි බරපතළ සංඛ්‍යා දත්ත ගණනාවක් ඉදිරිපත් කළේය.

දේශීය වෙළඳපොලේ පළතුරු ඉල්ලුම 65%කින් ද, මස් සහ මාළු ඉල්ලුම 53%කින් ද, කිරිපිටි ඉල්ලුම 40%කින් සහ බිස්කට් වර්ගවල ඉල්ලුම 68%කින් බිඳ වැටී ඇති බව හෙළි කරනු ලැබීය.

ලෝක බැංකු ආධාර යටතේ දිවයින පුරා සුපිරි වෙළඳසැල් 104ක් යොදා ගනිමින් කළ සමීක්ෂණයකදී මෙම දත්ත අනාවරණය වූ බව මහාචාර්ය අරුණ ශාන්තාරච්චි පැවසීය. මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙන ආර්ථික උපායමාර්ග ගැඹුරු විශ්ලේෂණයකින් තොරව සිදු කර ඇති බවත්, මහ බැංකුවේ ප්‍රමුඛතම උපායමාර්ගය වී ඇත්තේ උද්ධමනය පාලනය කිරීම මිස නිෂ්පාදන වර්ධනයට දිරි දීම නොවන බවත්, මහාචාර්යවරයා පෙන්වා දෙනු ලැබීය.

මෙවැනි ආර්ථික විද්‍යාඥයන් කරුණු ඉදිරිපත් කිරීම හමුවේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර තිබෙන්නේ “මහචාර්ය පට්ටම් තිබුණාට මේ ගැන දැනීමක් නැති නිසා ඔය වගේ ප්‍රකාශ කරනවා“ ආදී වශයෙනි.

Facebook
Twitter
LinkedIn