චැනල් 4 වීඩියෝව – සලේ, පිල්ලෙයාන් සහ ගෝඨා මවුලානා හමුවූ බව ප්‍රතික්ෂේප කර නෑ

චැනල් 4 වීඩියෝව – සලේ, පිල්ලෙයාන් සහ ගෝඨා  මවුලානා හමුවූ බව ප්‍රතික්ෂේප කර නෑ

දේශපාලන ආන්දෝලනයකට තුඩු දී තිබෙන චැනල් 4 නාළිකාවේ වීඩියෝවේ මූලික කරුණු දක්වන්නා වන හන්සීර් අසාද් මවුලානා සම්බන්ධකම් පැවැත්වූ මූලිකයින් තිදෙනෙකු අදාළ සම්බන්ධතා මේ දක්වා ප්‍රතික්ෂේප කර නැත.

පළවා හරින ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ පූර්ණ ආරක්ෂාව සහ මග පෙන්වීම ඔස්සේ දේශපාලනයට පිවිසි සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ වර්තමාන රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ යන තිදෙනා මේ දක්වා මවුලානා සමඟ සම්බන්ධතා නොපැවැත්වූ බවට කිසිදු ප්‍රකාශයක් කර නැත.

විශේෂයෙන්ම, අසාද් මවුලානාගේ හෙළිකිරීම් අනුව පිල්ලෙයාන් නායකත්වය දැරූ ඝාතක කණ්ඩායම සහ සුරේෂ් සලේ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ සමඟ ඍජු සම්බන්ධතා තිබූ බව වීඩියෝවෙන් හෙළිකර තිබේ.

Facebook
Twitter
LinkedIn