ජනාධිපති රනිල් යළිත් විදේශගතවීමට සූදානමින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් දෙවන සතියේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට සූදානම් වන බව වාර්තා වේ.

ඔහු මෙවර විදේශගතවන්නේ එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සමුළුවට සහභාගී වීම සඳහා බව වාර්තා වේ.

පොහොට්ටු මන්ත්‍රීවරු ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපති ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ කිනම් හෝ හේතුවක් දක්වමින් නිතර නිතර විදේශගත වීමේ ක්‍රියාවලියක නිරත වී සිටී. මේ වෙනුවෙන් දරන වියදම් සහ ජනාධිපතිවරයා සමග සංචාරයට එක්වන පුද්ගලයින් පිළිබඳව සවිස්තර තොරතුරු කිසිවක් මේ දක්වා රටට හෙළි කර නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්