දියයට පිපිරීමක් ? කැස්බෑ මළ සිරුරු වෙරල තීරයට ගොඩගසයි

දියයට පිපිරීමක් ? කැස්බෑ මළ සිරුරු වෙරල තීරයට ගොඩගසයි

මීගමුව සිට කළුතර දක්වා වෙරළ තීරයේ කැපුන්ගොඩ, පමුණුගම මෙන්ම මුතුරාජවෙල වගුරුබිම සහ ඉඳුරුව යන මුහුදු ප්‍රදේශවලින් දින 03ක් වැනි කෙටි කාලයක් තුළ කැස්බෑ මළ සිරුරු 20ක් පමණ ගොඩ ගසා තිබියදී හමු වූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විමර්ශකයින් සැක කරන්නේ දිය යට ඇති වූ පිපිරීමක් හේතුවෙන් මෙම කැස්බෑවුන් මිය යන්නට ඇති බවටය.

මියගිය කැස්බෑවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා සවිස්තර වාර්තාවක් අධිකරණයට ලබාදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබේ.

මේ අතර, මියගිය සියලුම කැස්බෑවන් එකම ප්‍රමාණයේ සහ එකම විශේෂයට අයත් බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) අනාවරණය ඇති අතර එම මුහුදු ප්‍රදේශවල ජල සාම්පල පරීක්ෂාවට ලක් කරන බවද එම ආයතනය නිවේදනය කරයි.

“මෙම පරීක්ෂණවල අරමුණ වන්නේ සාගර ජලයේ ඇති කිසියම් අපවිත්‍ර ද්‍රව්‍යයක් හෝ අහිතකර තත්වයන් කැස්බෑවන් කෙරෙහි බලපෑමක් ඇති කර තිබේද යන්න තීරණය කිරීමත් එවැනි තත්වයක් ඔවුන්ගේ මරණයට දායක විය හැකිද යන්න තීරණය කිරීමත්” බව නාරා ආයතනය පවසයි.

Facebook
Twitter
LinkedIn