මරදාන සිට හික්කඩුව බලා ඊයේ (25) පස්වරුවේ ගමන්ගත් සීඝ්‍රගාමී දුම්රියේ අධික මගීන් හේතුවෙන් දුම්රිය මැදිරිය තුළට ඇතුළු වීමට නොහැකිව පාපුවරුවේ ගමන්ගත් පුද්ගලයකු ආලෝක සංඥා කුලුනක ගැටී බරපතළ තුවාල ලබා ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ, කළුතර උතුර සහ කළුතර දකුණ දුම්රිය ස්ථාන අතර කළුතර උතුර මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ පිහිටි ආලෝක සංඥා කුලුනේ ගැටී මෙනි.
දුම්රිය මැදිරි තුල ඒ වනවිට අධික මගීන් පිරිසක් සිට ඇති බවත්, පාපුවරුවේ එල්ලීසිටී පුද්ගලයා ආලෝක සංඥා කුලුනේ ගැටී දුම්රියෙන් ඉවතට විසිවී මීටර් 30ක් පමණ ඈතට විසිවී ඇති බවත් පැවසේ.
ආලෝක සංඥා කුලුනටද හානි සිදුව ඇදවී ඇත.
තුවාල ලැබූ තැනැත්තා 1990 සුවසැරියෙන් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවත් ඔහු දැඩි බරපතළ තත්වයේ පසුවන බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි.
කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
200










