මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිනොගන්නා තත්වයකට පත්ව ඇතැයි රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසයි.
මෙම තත්වය හේතුවෙන් පොදු ප්‍රවාහන බස්, ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමේදී ණයවර ලිපි පිළිබඳ ගැටලුවලට පත්ව ඇතැයිද ඒ සඳහා කඩිනම් විසඳුම් දෙන්නේ යැයිද ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ගත් විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම තත්වය මතුව ඇතැයිද ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ඇති පිළිගැනීම සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීම සඳහා කටයුතු කරන්නේ යැයිද ඔහු වැඩිදුරටත් පවසයි.
Views: 0










