මියගිය හීත් ස්ට්‍රික්, ඔලොංගාට කතා කරයි

මියගිය හීත් ස්ට්‍රික්, ඔලොංගාට කතා කරයි

සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම පුහුණුකරුවෙකුද වන වන හීත් ස්ට්‍රික් මිය ගිය බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව තහවුරු වේ.

මෙලෙස සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන ප්‍රචාරයන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හීත් ස්ට්‍රීක් ප්‍රකාශ ‌කොට ඇත්තේ තමන් ජීවත්ව සිටින බවත් සමාජ මාධ්‍ය ජාලාවල පළවන පුවත් සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බවත්ය.

සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රීඩා කළ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන හීත් ස්ට්‍රික් එරට කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 65ක් හා එක්දින තරග 189ක් ක්‍රීඩා කර තිබෙන අතර කඩුලු 100ක් දවා ගත් පළමු ක්‍රීඩකයාද වේ. ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 4,933ක් වාර්තා කර ඇති ඔහු කඩුලු 445ක් තම නමට ලියාගැනීමට සමත් විය.

ඔහු 2000 වසරේ සිට 2004 වසර දක්වා සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කර තිබේ.

මේ බව තහවුරු කරමින් එරට ජාතික ක්‍රිකට් ක්‍රීඩක හෙන්රි ඔලොංගා තැබූ ට්විටර් සටහන පහතින් දැක්වේ

Facebook
Twitter
LinkedIn