රනිල්ගේ ගෝලයාට හොඳටම ඔල්මොරොන්දම්

පොහොට්ටු මන්ත්‍රිවරුන්ගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස තෝරා ගත් පසු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය හිමි වූ වජිර අබේවර්ධන වැඩි වැඩියෙන් විකාර කතා කියමින් සිටින අතර රනිල් ලෝකෙටම ණය දෙන එක ගැන සැකයක් නැති බව පසුගිය ඉරිදා (20) මව්බිම පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ඔහු මෙම ප්‍රකාශය කරන්නේ මෙම වසරේ මුල් මාස 04 සඳහා රජයේ ආදායම රුපියල් කෝටි 82,135 වන විට දේශීය ණය සඳහා පොලිය පමණක් රුපියල් කෝටි 81,897 ගෙවීමට සිදුවී තිබෙන පසුබිමකදී ය.

වජිර අබේවර්ධන මව්බිම පුවත්පතේ මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නම්මුනිගේ නැගූ ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුර මෙසේය.

ප්‍රශ්නය – මෑතකදී ඔබ කිව්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෝකයටම ණය දෙන රටක් විදිහට අපේ රට පත්කරනවා කියලා. මේ දිහා බොහෝ දෙනා බලන්නේ හාස්‍යයෙන්?

පිළිතුර – රනිල් වික්‍රමසිංහ නායකයා මේ රට වසර 12ක් පාලනය කළොත් අපි වී වලින් ස්වයංපෝෂිත වෙලා සහල් පිටරට යවන්න පුළුවන්නේ. වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ සහ මාදුරුඔය වගේම ඉඟිනිමිටිය හදලා විදුලිබලය මෙගාවොට් 4500ක් නිෂ්පාදනය කරලා කුඹුරු අක්කර ලක්ෂ 20ක් විතර නඟුලට යට කළාම සහල් පිටරට යවන්න පුළුවන්.

අපි මීට පෙරත් පිටරටට එහෙම යවලා තිබෙනවා.  එහෙම කළාම අපිට නැඟිටින්න පුළුවන්. ලෝකෙට ණය දෙන්න පුළුවන්. ඒක ගැන සැකයක් තියාගන්න එපා. මට නම් කිසිම සැකයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාට වසර 12ක් රට දීලා බලන්නකෝ. ලෝකේ ඉන්න ළමයි ලංකාවට  එන්න දඟලයි කිව්වේ සිහිවිකල් වෙලා නෙමෙයි. එහෙම රටක් වික්‍රමසිංහ මහත්තයා හදයි. මම ඔහු අනුගමනය කරන, අනුකරණය කරන කෙනෙක්.  ඒ හින්දා මම ඔහු ගැන හොඳට දන්නවා.

Facebook
Twitter
LinkedIn