විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හෙවත් ඊ-පාස්පෝට් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලක්‍ෂ 07කට වැඩි සංඛ්‍යාවක් වර්ෂයකට නිකුත් කළ යුතු බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක් පමණ වැයවන බවත් පැවසේ.
එම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර සඳහාද ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදුව ඇති බවත් මෙලෙස අධික වියදම හේතුවෙන් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දුෂ්කර වී ඇති බවද පැවසේ.
Views: 0










