ඇසළ පුර පසළොස්වක පෝය අදයි

ඇසළ පුර පසළොස්වක පෝය අදයි

භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.

වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරජාණන් වහන්සේගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ අද වැනි පෝය දිනයක වන අතර මෙම පො‍හෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් හේතුවෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් වේ.

බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුත්‍රය බරණැස ඉසිපතනයේ මිගදායේදී දේශනා කළේද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

ලක්දිව ප්‍රථම වස් එළැඹීම සටහන් කළ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය උපසම්පදා භික්ෂූන්ගේ පෙර වස් එළැඹීමේ දිනයද වන අතර ඇසළ පොහෝ දිනය නිමිත්තෙන් දිවයිනේ වෙහෙර විහාරස්ථානවලදී අද අලුයම සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වේ.

Facebook
Twitter
LinkedIn