කෙසෙල්වත්තේ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට

කෙසෙල්වත්තේ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් කෙසෙල් වත්ත මාටිස් ලේන් ප්‍රදේශයේ හෝටලයක් තුළදී 20 හැවිරිදි තරුණයෙකුට T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා කොළඹ 12 සවුන්ඩෙන් ප්‍රදේශයේ පදිංචිව සිටි රවින්ද ඩිල්ශාන් නැමැති අයෙකි. ඝාතනයට ලක්වූ පුද්ගලයා විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ධනුක නමැත්තා ගේ ගෝලයකු බව පොලීසිය සඳහන් කරයි.

ඔහු මිතුරන් කිහිපදෙනකු සමඟ ආහාර ගැනීම සඳහා පැමිණ හෝටලය ඉදිරිපිට රැඳී සිටියදී ඒ ආසන්නයේ නැවැත් වූ යතුරු පැදියකින් පැමිණි අයකු ගිනි අවියක් රැගෙන ඔහු වෙත දිව ඒමත් සමගම මියගිය පුද්ගලයා සහ මිතුරන් පිරිස එම ස්ථානයෙන් ඉවත්ව දිව ගොස් ඇත. මියගිය පුද්ගලයා හෝටය තුළටම දිව ගොස් ඇති අතර පසුපස හඹා පැමිණි වෙඩික්කරුවකු වෙඩි තබා පලාගොස් තිබේ.

වෙඩි වැදී ඇත්තේ ඔහුගේ හිස ප්‍රදේශයට බව පොලීසිය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්