බලපෑම් නිසා රාජකාරි කරන්න බැහැ – තවත් ඉහළ පොලිස් නිලධාරියෙකු රට අත්හැර යාමට සූදානමින්

බලපෑම් නිසා රාජකාරි කරන්න බැහැ – තවත් ඉහළ පොලිස් නිලධාරියෙකු රට අත්හැර යාමට සූදානමින්

මේ වනවිට දැඩි ලෙස දේශපාලනී කරණය වී ඇති උසස් පොලිස් නිලධාරීන් සුළු පිරිසක් සමග තවදුරටත් ගෞරවාන්විත හා ස්වාධීන ලෙස කටයුතු කිරීමට නොහැකි තත්වයක් උදාවී තිබීමෙන් ඉහළ පොලිස් නිලධාරීන් පොලිස් සේවයෙන් ඉවත්වී විදේශගතවීම ආරම්භ වී ඇති බවට තොරතුරු හෙළි වේ.

මයට පෙර මහත් ආන්දෝලනයක් ඇති කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රට හැර ආකාරයටම තවත් බොහෝ පිරිසක් යෑමට සූදානම් බව නිල නොවන තොරතුරුවලින් හෙළි වේ. මේ අතර පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ (SIU) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස් වික්‍රමසිංහට එල්ල වී තිබෙන බලපෑම් හා තර්ජන හමුවේ විදේශගතවීමට සූදානම් වන බව දේශය පුවත්පත වාර්තා කර තිබේ.

පසුගිය කාලයේ මෙරට මහත් ආන්දෝලනයට ලක්වූ පාස්කු බෝම්බ ප්‍රහාරය ඇතුළු ප්‍රබල අපරාධ ගණනාවක් ගැන විමර්ශනය සිදුකළ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයකි.‍

මේ වනවිට පොලිසිය ඇද දමා තිබෙන ඛේදනීය තත්වය පිළිබඳව පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය සහ සේවය හැර දමා රටින් පිටවූ කිහිපදෙකු සමාජ ඔස්සේ බොහෝ කරුණු හෙළි කර ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාම ගැනීමෙන් අනතුරුව රට තුළම රැඳී සිටිමින් ඇතැම් තොරතුරු හෙළි කර තිබෙන අතර පොලිසියේ දූෂිත ක්‍රිය පිළිබඳවද දේශපාලන අත පෙවීම් පිළිබඳවද ඒ අතර ප්‍රමුඛත්වයක් ගෙන ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්