ආණ්ඩුව පෙරළා දමා ගෝටා පැන්නීමේ මෙහෙයුම යළිත් – කෙහෙළිය, සාගර හෙළිකරයි

ආණ්ඩුව පෙරළා දමා ගෝටා පැන්නීමේ මෙහෙයුම යළිත් – කෙහෙළිය, සාගර හෙළිකරයි

සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව සැලසුම්සහගත සාවද්‍ය ප්‍රචාර ගෙනයමින් ආණ්ඩුව පෙරළා දමා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් සහ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල එකම වේදිකාවක සිට ප්‍රකාශ කර තිබේ.

මේ දෙදෙනාම අදාල ප්‍රකාශ කර තිබෙන්නේ ඊයේ (16) පවත්වන ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන බලමණ්ඩල රැස්වීමේදීය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වැඩිදුරයත් ප්‍රකාශ කර තිබෙන්නේ අරගලය නිසා රටට අත් වූ විනාශයේ ප්‍රතිඵල තවමත් භුක්ති විඳින බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය බාර නොගත්තේනම් මේ රට අර්බුද රැසකින් පිරී යනු ඇති බවත්ය. එමෙන්ම සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර තිබෙන්නේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය බාර නොගත්තේනම් මේ රටද සිරියාවක් හෝ ලිබියාවක් වනු ඇති බවය.

රනිල් වික්‍රමසිංහ යටතේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ආමත්‍යාංශය බාර ගන්නා අවස්තාව වනවිට අමාත්‍ය ධුර 08ක් දරා තිබෙන බවද සජිත් ප්‍රේමදාස පිල විසින් ගෙන දෝෂාභියෝගය පරාජය කිරීමට තමන් සූදානම් බවය.

රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව මේ රටේ සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම බිඳදමා මැති ඇමතිවරු යොදවමින් කුමන්ත්‍රණ කතා පිළිබඳව ප්‍රචාය කළද පවතින සෞඛ්‍ය ගැටලු පිළිබඳව බීබීසී වෙබ්අඩවිය ඔහුගෙන් සෘජුව ප්‍රශ්න කර තිබේ. එවිට පිළිතුරු ලබා දී තිබෙන්නේ පවතින තත්වය යළි යතාතත්වයට පත් කිරීම සඳහා කල් ගතවනු ඇති බවය. ඖෂධ හිගය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ අධික මිල ගණන් යටතේ ටෙන්ඩර් කැඳවීම්වලින් තොරව මිලදී ගනිමින් සිදුකරන වංචා දූෂණ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් නොකරණ සෞඛ්‍ය ඇමති විවිධ කුමන්ත්‍රණ කතා පචාරය කරමින් සිටී.

Facebook
Twitter
LinkedIn