ආණ්ඩුවේ තවත් එක් ප්‍රචාරක ව්‍යාපෘතියක් හැටියට කොළඹ වරාය නගර කෘත්‍රීම වෙරළ තිරය ජනතාවට විවෘත කර සැණකෙලි සිරි පෙන්වන අතර බීබීසී සිංහල වෙබ් අඩවිය රටේ පවතින ආර්ථික අර්බුදයේ දරුණු තත්වය සංවේදී කරුණු සහිතව හෙළි කරයි.
මෙරට ජනතාවට එම වෙරළ තීරය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බවත් එසේ පැමිණෙන ජනතාව බව සඳහන් කරන දර්ශන ආණ්ඩුවේ මාධ්‍ය විසින් විශාල වශයෙන් ප්‍රචාරය කරමින් තිබේ.
බීබීසීයේ වාර්තාව සම්පූර්ණයෙන්ම උපුටාගෙන පහත පල කෙරේ…
ශ්‍රී ලංකාව : ‘පෙනෙන්නට තිබෙන දෙය රටේ පූර්ණ යථාර්ථය නෙවෙයි.’
උද්ධමනය ඉහළ යාම, දරිද්‍රතාව වැඩි වීම සහ පාලන තන්ත්‍රයේ වෙනසක් සඳහා පැවති ඉල්ලීම, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සහ රටින් පිටවන ලෙසට බල කෙරුණු ශ්‍රී ලංකාවේ දැවැන්ත විරෝධතාවලට මග පෑදීය. එය සිදුවී වසරක් සම්පූර්ණ වී තිබේ.
සාමකාමී පරිසරයක් යළිත් උදා වෙමින් පවතී. එහෙත්, දැන් සියල්ල හොඳින් ද? වසරකට පෙර පැවති උග්‍ර අර්බුදයට මුහුණ දුන් ජනතාවගේ වත්මන් තත්ත්වය කෙබඳු දැයි විමසා බැලීමට BBC වාර්තාකරු නිටින් ශ්‍රීවාස්තව් ශ්‍රී ලංකාවට පැමිණියේය.










