අජිත් රෝහණගේ පෙත්සම සලකා බැලීමට කැඳවයි

අජිත් රෝහණගේ පෙත්සම සලකා බැලීමට කැඳවයි

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව ස්ථාන මාරු කර හැරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

මෙම නියෝගය සිදර කර ඇත්තේ ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම අද (17) කැඳවූ අවස්ථාවේදීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්