මාස 04ක් වයසැති බිළිඳියකට ලබා දුන් එන්නතකින් පසු කටින් සෙම වැගිරීම හා හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වී ඊයේ (16) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය පොලිස් වසමට අයත් ඉහළ ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්.ඒ.එස් නිම්නාදි දිසානායක නමැති බිළිඳියයි.
මෙම දැරියට පසුගිය 15 වන දින හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් මාස හතරෙන් ලබා දෙනු ලබන එන්නතක් ලබාදී ඇති අතර පසු දින මෙම අසනීප තත්වය ඇති වූ බව දැරියගේ පියා පවසයි.
කටින් සෙම වැගිරීම හා හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් මෙම දැරිය කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එසේ ඇතුළත් කරන වියත් බිළිඳිය මිය ගොස් සිට ඇතැයි ඇතැයි පැවසේ.
මෙම බිළිඳියගේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
0










