කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් හොරණ මූලික රෝහලේ තිබූ එකම සීටී ස්කෑන් යන්ත්‍රයත් මේ වනවිට අක්‍රීය වී ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
කළුතර නාගොඩ මහ රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රයද මීට පෙර අක්‍රීය වී තිබූ අතර මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයේ 13 ලක්ෂයට අධික ජනතාවක් අතර සිටින රෝගීන්ගේ ජීවිතවලට මෙන්ම හදිසි අනතුරට ලක්වන රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරුදායක තත්වයක් හටගෙන ඇත. ඒ අනුව හදිසි අනතුරකදී රෝගියෙකු ක්ෂණිකව සීටී ස්කෑන් යන්ත්‍රය හරහා පරික්ෂා කිරීමට සිදු වුවහොත් ඔහු හෝ ඇයව කලුබෝවිල රෝහල හෝ කොළඹ මහ රෝහල වෙත යොමු කිරීමට සිදුවේ. එය රෝගීන්ගේ ජීවිතවලට දැඩි අනතුරු දායක තත්වයකි.
හදිසි අනතුරුවලදී රෝගියාගේ මොළයේ අභ්‍යන්තරය මෙන්ම මුළු ශරීරය සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට හා විශේෂයෙන් පිළිකා රෝගීන් සහ අනෙකුත් විශේෂ රෝග ලක්ෂණ හඳුනා ගැනීම සඳහා මෙම සීටී ස්කෑන් යන්ත්‍රය බෙහෙවින් උපකාරී වේ.










