තරුෂි, සචිනි හරහා සිවරාජිනීගෙන් කියවෙන අපේ මව් පරපුරේ ඛේදනීය තත්වය

තරුෂි, සචිනි හරහා සිවරාජිනීගෙන් කියවෙන අපේ මව් පරපුරේ ඛේදනීය තත්වය

අද (17) නිකුත්කරන ලද ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ එකපෙලට සිරස් ආකාරයට පල කර තිබෙන ප්‍රවෘත්ති තුනකින් වසර 75ක් පුරා පාලනය කළ දූෂිත දේශපාලන කල්ලිය විසින් රට හෙලාතිබෙන ප්‍රපාතයේ තරම මනාලෙස හෙළිවේ.

එම සිරස්තල තුන සහ ගෘහසේවයට ගිය සිවරාජිනී තරුණ මවට අල්පෙනෙති ගසා වද දී ඇති ආකාරය පිළිබඳව ලංකාදීප පුවත්පත තැබු සටහන උපුටාගෙන පහත පල කෙරේ.

“සෞදි ගෘහසේවයට ගිය කතට අලිපෙනෙති කටු 06ක් ගසා වදා දීලා
ආරබි බස නොදන්නවයි ගෙහිමි කත කිපිලා

සෞදි අරාබියට ගෘහ සේවය සදහා ගිය කාන්තාවනට එම රටේ දී ශරීරයේ විවිධ ස්ථානවලට අල්පෙනිනි කටු ගසා වද හිංසා පවුසුවා ඇති අතර, එම කාන්තාව ප්‍රතිකාර සදහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කරනු ලැබී සිටී.

ඉකුත් 13 වනදා රෝහලට ඇතුළත් කර ඇති මෙම කාන්තාවගේ ශරීරයේ ඇති කටු දෙකත් ඉවත් කිරිමෙන් පසු ඉතිරි කටු ඉවත් කිරීමේ සැත්කමකට ලක් කිරීම සඳහා ලබන මස 14 වැනිදෑ යළි රෝහල් ගතකරන ලෙස දන්වා පෙරේදා (15) ඇය රෝහලින් බැහැර කිරිමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබිණි.

මෙය සිද්ධියට මුහුණපා ඇත්තේ තලවකැලේ, ලිඳුලු, ගැනිගල් වන්නේ හෙන්ෆෝල්ඩ් කොටසේ පදිංචිව සිටි වී. සිවරංජනී නැමැති 30 හැවිරිදි එක් දරු මවකි. ඇයට වයස අවුරුඳු හතරයි මාස 08ක ළදරුවෙක් සිටී. පසුගිය මස 17 වැනිද කොළඹ ප්‍රදේශයේ ඒජන්සියක් මාර්ගයෙන් තම බිරිඳ සෞදි අරාබි රටේ ගෘහ සේවයට යැවූ බවත් එහිදී එම රයටේ භාෂාව නොදැනීම හේතුවෙන් එම නිවසේ කිමාකාර කාන්තාව ඇයට පහරදී කටු ගසා දැඩි ලෙස වද හිංසාවන්ට ලක් කර ඇති බවත් ඇගේ ස්වාමිපුර්ෂයා වන නාගරාජ් අජිත් කුමාර් මහතා කරුණු දැක්වමින් පැවසීය. ඇයට පහර දී ශරීරයේ අල්ලට, කලවා ප්‍රදේශයට මෙන්ම ශරීරයේ කිහිප තැනකටම කටු ගසා දරුණු හිරිහැරවලට ලක් කර ඇතැයිද බිරිද තමාට මේ පිළිබඳව දුරකතනයෙන් කතාකර පැවසීමෙන් පසු ඇය රට යැවූ එජන්සියට දැනුම් දී දස වතාවක් පමණ ගිය පසු ඇය නැවත මෙරටට ගෙන්වා දීමට රුපියල් ලක්ෂ 10ක මුදලක් ඔවුන් ඉල්ලූ බවද ඒ මහතා පැවැසිය. ඉන් අනතුරුව දන්නා අයෙකු මාර්ගයෙන් එම රටේ තානාපති කාර්යාලය හරහා රුපියල් 50,000ක මුදලක් ගෙවා තම බිරිඳ මෙරටට පසුගිය 13 වනදා ගෙන්වාගත් බවත්. පසුව එදිනද නුවරඑළිය මහ රෝහලට ඇතුල් කළ බවත් මේ පිළිබදව තමා ආගරපතන පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවක් නාගරාජ් මහතා කීය.

මෙම කාන්තාවගේ ශරීරයේ විවිධ ස්ථානවලට හිස නොමැති අල්පෙනෙති කටු හයක් ගසා ඇති බවත්, ඉන් එකක් අයින් කර තිබියදී රෝගල් ගත කර ඇති බවත් ඉන් පසු රෝහලේදී කටු දෙකක් ඉවත් කළ බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී නුවරඑළිය මහ රෝහල් අධ්‍යක්ෂ මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පැවැසීය.

තවත් කටු කුනක් ශරීරය අභ්‍යන්තරයේ ඇති බවත් ඒවා සොයාගෙන ඉවත් කිරීමට ශෛල්‍ය කර්මයක් කිරිමට ඇති බවත් ඒ සඳහ යළි ලබන 14 වෙනිදා රෝහල් ගතවන ලෙස එම රෝගියාට උපදෙස් දී රෝහලින් යැවීමට පියවර ගෙන ඇතැයිද සෙනෙවිරත්න මහතා කීය.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්