මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය මැයි 12 වෙනි දින නිකුත්කරන ලද ගැසට් නිවේදනයට අනුව බැංකු විශේෂ විධිවිධාන පනතේ වගන්ති 98ක් සංශෝධනය කිරීමට සූදානම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ ලුහුඬු නාමය යනුවෙන් “2023 අංක දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත” යනුවෙන් නම් කර තිබේ. එහි පරිච්චේද 05ක් යටතේ අදාල සංශෝධන ඇතුළත් කර ඇත. යෝජිත සංශෝධන නම් කරන තිබෙන්නේ මතු දැක්වෙන පරිදිය.
- මහ බැංකුවේ නිරාකරණය කිරීමේ අධිකාරී බලය
- නිරාකරණ ක්‍රියාමාර්ග
- ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ යෝජනා ක්‍රමය
- මූල්‍ය ක්ෂේත්‍ර අර්බුද කලමනාකරණ කමිටුව
- බපත්‍රලාභී බැංකු ගණන් බේරා වසාදැමීම යනුවෙන් අදාල පරිච්චේද නම් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත මහ බැංකු පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව ගෙන ආ යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම මෙම මස 20 වෙනි දිනට නියමිතව තිබෙන අතර බැංකු පනතද මෙලෙස සංශෝධනය කිරීමට සූදානම් වේ. මේ වනවිට එම සංශෝධනයන් පිළිබඳව නීති ක්ෂේත්‍රයේ පුළුල් අවදානයට ලක් වී තිබේ.
7










