X-Press Pearl නෞකා අනතුරින් වූ හානිවලට අදාළ එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නීතිපති සංජය රාජරත්නගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය පත් කළ විශේෂ කණ්ඩායම අද (17) සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
මෙම කණ්ඩායම හෙට (18) සහ අනිද්දා (19) ඊට අදාළ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
නෞකා සහ රක්ෂණ සමාගම්වල නීතිඥයින් සහ නිලධාරීන් ඊට එක්වීමට නියමිතය.
0










