ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහගේ පූර්ණ අනුග්‍රහය මත පොහොට්ටු පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි මුදිතා ක්‍රිෂාන්ති සොයිසා නවතම සුරාබදු බලපත්‍රයක් ලබා ගනිමින් මත්පැන්හලක් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.
මෙයට එරෙහිව ප්‍රදේශවාසීන් උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද ආරම්භ කර ඇති අතර මන්ත්‍රීවරියගේ පාර්ශවයෙන් නිල නොලත් ප්‍රචාර දියත් කරමින් තිබෙන්නේ හොටෙල් හිල් රෝස් නම් අවන්හලට මත්පැන් බලපත්‍රයක් ලබාගැනීමට කටයුතු කර ඇති බවය. නමුත් වැඩිදුරටත් වාර්තා වන්නේ මුදිතා ක්‍රිශාන්ති මන්ත්‍රීවරියට අමතරව ඇයගේ දියණිය නිහිම්සා සොයිසා සහ පුත් පංකජ සොයිසා යන සියලු දෙනා එක් වී පවුලේ ව්‍යාපාරයක් ලෙස අලුත් මත්පැන්හල විවෘත කිරීමට සූදානම් බවය.
63










