ආසියානු මලල ක්‍රීඩා උළෙල ආරම්භ කර පවත්වනලද 25 වන තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්වැනි ස්ථානය හිමි කර ගනිමින් පාලකයන් විසින් වසර 75ක් පුරා බන්කොලොත් කරන ලද රටේ ජනතාවට සතුටු කඳුළු මල් පුබුදා දී තිබේ. ආසියානු මලල ක්‍රීඩා උළෙල අතරතුර වාර්තා වූ රිටි පැනීමේ ජාතික ශූරිය වන සචිනි පෙරේරා ගෘහ සේවය සඳහා මැදපෙරදිග රටක් බලා යාමට සිදුවීම පාලකයන් විසින් රට බංකොලොත් කරන ලද තරම කොතෙක්දැයි හෙළිවන ආසන්න නිදර්ශනයකි.
මෙවර රන් පදක්කම් තුනක්, රිදී පදක්කස් දෙකක් සහ ලෝකඩ පදක්කම් 03ක් ලබා ගනිමින් මෙම ජයග්‍රහණය අත්කරගනු ලැබීය. තරඟාවලියේ තුන්වන ස්ථානය ඉන්දියාව දිනාගත් අතර එරට යාචකයන් එකතු කරන මුදල් මෙරට ජනතාවට එවන තරමට රට බංකොලොත් කරන ලද පසුබිමකදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ජයග්‍රහණය අත්කරගනු ලැබීය.
මෙයට පෙර 2022 වසරේ පවත්වන ලද ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව 06 වන ස්ථානය දිනාගනු ලැබීය. එමෙන්ම මෙයට පෙර වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් 2007 වසරේදී දිනාගත් අතර රන් පදක්කම් තුනක් රිදී පදක්කම් දෙකක සහ ලෝකඩ පදක්කම් දෙකක් එයට අයත් විය.
ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවක් අත්කරගත් ජයග්‍රහණ පිළිබද සවිස්තර වාර්තාවක් බලාපොරොත්තුවන්න.











