ජනාධිපති රනිල් වික්‍රමසිංහ රත්නපුරයේ අධිකරණ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරමින් ස්වීඩන් ජාතිකයෙක් කුරානය ගිනිතැබීම හෙළාදකිමින් කළ කතාවට එල්ල වූ දැඩි විවේචනය වසා ගැනීම සඳහා වෙනත් ප්‍රබන්ධයක් නිර්මාණය කර බෙදා හැර තිබිණි.
සති අන්තයේ පුවත්පත්වල ගොසිප් තීරුවේ සැලකියයුතු ඉඩකඩක් එම පුබන්ධයට ලබා දී තිබූ බව නිරීක්ෂණය වේ. අදාල ගොසිප් ප්‍රබන්ධයට මූලික වි තිබුණේ රනිල්+මෛත්‍රී ආණ්ඩු සමයේ අධිකරණ ඇමතිව සිටි තලතා අතුකෝරලද අධිකරණ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමට සහභාගී වූ අවස්ථාවේ කරන ලදැයි කියන ප්‍රකාශයක්ය.
සිළුමිණ පුවත්පතෙන් අදාල කොටස උපුටාගෙන පහත දැක්වේ.
“තලතා, රනිල්ට බොරු කිව්වේ ඇයි?
යහපාලන ආණ්ඩුව සමයේ අධිකරණ ඇමති වූ තලතා අතුකෝරළ ඉදිරිපත් කළ අධිකරණ සංකිර්ණයක් ඉදිකිරීමේ කැබිනට් පත්‍රිකාව අනුමත කළ එදා අගමැති වූ වර්තමානයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පසුගියදා රත්නපුරයට ගියේ ය. තලතා අතුකෝරළ දුටු රනිල් “ආ එදා මට කියලා බොරු කැබිනට් පත්‍රිකාවකට නේද අනුමැතිය අරන් තියෙන්නේ.” ජනපති කී දෙයින් වික්ෂිප්ත වූ තලතා මන්ත්‍රිනිය “මොකක්ද සර් ඒ කතාව” යැයි පෙරළා විමසුවාය.
“මට කිව්වේ අධිකරණ සංකිර්ණයක් හදනවා කියලානේ. ඒත් හදලා තියෙන්නේ මන්දිරයක්නේ. මේකට සුප්‍රීම් උසාවියත් ගෙනාව නම් තමයි හරි.” ජනපති කී විට සැවොම කොක් හැඬලූහ. තලතා මන්ත්‍රිනියට උත්සවයේ පසුපස අසුනක් වෙන්ව තිබුණ බැවින් ජනපති රනිල් ඇය හා පසු පස බලමින් කතා බස් කරනු බොහෝ දෙනෙකු බලා සිටියේ කුතුහළයෙනි. නමුත් ඔවුන්ගේ කතාව කිසිවෙකුටත් ශ්‍රවණය වී තිබුණේ නැත. රත්නපුරයේදි ජනපති තවත් කතාවක් කළේය. ඒ ස්වීඩනයේ තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිටදී එරට වැසියන් පිරිසක් කුරානයට ගිනි තැබීමේ සිද්ධියට මානව හිමිකම් කොමිසම කිසිවක් ප්‍රකාශ නොකීරීම ගැන ය. දේශීය මෙන්ම විදේශීය මාධ්‍යවලත් ජනපතිවරයාගේ මෙම කතාව ගැන වැඩි අවධානයක් යොමු වී තිබුණි.”










