ඊයේ (090 සිට අද (10) අළුයම දක්වා පැය කිහිපයක කාලය තුළ වාර්තා වූ රියඅනතුරුවලින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයනව් 96කු විවිධ ආකාරයේ තුවාල ලබා රෝහලත් කර තිබේ.
ආසන්නතම සිදුවීම අඹන්පොළ ප්රදේශයේ දී අද (10) අලුයම වාර්තා වූ අතර කූරගල වන්දනාවේ ගොස් යළි නිවෙස්න බලා ගමන් කරමින් සිටි බස් රථයක් අඹන්පොළ ප්රදේශයේ දී මාර්ගයේ අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 29 දෙනෙකු තුවාල ලබා අඹන්පොල සහ ගල්ගමුව රෝහල්වලට ඇතුළත් කර ඇත.
ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලාව ප්රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි සහ 71 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
මේ අතර ඊයේ රාත්රියේ පොළොන්නරුව මනම්පිටිය ප්රදේශයේ කොටලීය පාළමෙන් පෞද්ගලික මගී ප්රවාහන බස් රථයක් ඔයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 41 දෙනෙකු තුවාල ලබා තිබේ.
පූඩළුඔය දුනුකේදෙණිය – මඩකුඹුර මාර්ගයේ දි බස් රථයක් බෑවුමකට පෙරළි සිදුවු අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇත.
තලවකැලේ ප්රදේශයේ පිහිටි වතුයායක සේවය කරන වතු කම්කරුවන් පිරිසක් ප්රවාහනය කරමින් තිබු බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව බෑවුමකට පෙරළී අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුරින් තුවාල ලැබු පිරිස් ප්රතිකාර සඳහා කොත්මලේ සහ මල්දෙණිය යන රෝහල් වෙත ඇතුළත් කර තිබේ.










