සෙල්ලයියා තිරුචෙල්වම්ගෙන් ලෝක වාර්තාවක්

සෙල්ලයියා තිරුචෙල්වම්ගෙන් ලෝක වාර්තාවක්

යාපනයේ තෙන්මරච්චි මට්ටුවිල් ප්‍රදේශයේ පදිංචි 59 හවිරිදි සෙල්ලයියා තිරුචෙල්වම් ඊයේ (09) ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

ඔහු මෙම ලෝක වාර්තාව පිහිටුවීමට සමත්ව ඇත්තේ, සිය රැවුලේ ආධාරයෙන් කිලෝ ග්‍රෑම් 1550ක් බර වාහනයක් විනාඩි 7යි තප්පර 48ක කාලයකින් මීටර් 400ක දුරක් ඇදගෙන යාමට සමත් වීමෙන්.

මොහු කාලාන්තරයක්ම යාපනයේ කෝවිල්වල උත්සව පැවැත්වෙන විට මහජන ප්‍රදර්ශනයක් වශයෙන් සිය රැවුලෙන් වාහන ඇදගෙන යාම සිදුකර ඇත.

වරක ඔහු සිය රැවුලෙන් වාහනයක් ඇද ලෝක වාර්තාවක් පිහිටුවීමට අපේක්ෂා කරන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබී ඇති අතර යාපනයේ මට්ටුවිල් ප්‍රදේශයේදීම නියෝජිතයින් විශාල පිරිසක් ඉදිරියේ ඊයේ එම වික්‍රමය සිදු කොට ලෝක වාර්තාව පිහිටුවා තිබේ.

මේ සම්බන්ධයෙන් වූ සහතිකයක් සෙල්ලයියා තිරුචෙල්වම් වෙත පිරි නමා ඇති අතර රැවුලේ ආධාරයෙන් කිලෝ ග්‍රෑම් 1550ක් බර වාහනයක් ඉතා කෙටි කාලයක් තුළ මීටර් 400ක් දුරට ඇදගෙන යාමේ ලෝක වාර්තාව හිමි වන්නේ මොහුට යැයිද පැවසේ.

මේ කාර්යය සදහා ඔහුගේ දියණිය ඔහුට සහාය වී ඇතැයි ඔහු මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

මීට පෙරද ඔහු හිසකෙස්වලින් වාහනයක් ඇදගෙනයාමේ වික්‍රමය සිදු කර තිබේ.

Facebook
Twitter
LinkedIn