පසුගිය වසරේ මුල් මාස 04 තුළ ණය පොලී ගෙවීමට රුපියල් කෝටි 42,678ක් වැය කර තිබූ අතර රනිල් වික්‍රමසිංහ පොහොට්ටු හවුල් පාලනය යටතේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය දියත් කර තිබෙන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්රමුඛ පිරිස අනුගමණය කරන ක්‍රියාකාරකම් තුළින් එම පොලිය රුපියල් කෝටි 81,897ක් දක්වා දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී තිබේ.
විශේෂයෙන්ම මෙයට අදාල කෙටි කාලීන ණය දේශීය වශයෙන් ලබාගෙන ඇති අතර රටේ ණය බර අනාගතයට නොතබන බව රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ප්‍රචාරය කරන පසුබිමක මේ සා විශාල පොලී ප්‍රමාණයක් ගෙවමින් සිටී. මෙම කාලය තුළ රාජ්‍ය සේවකයන්ගේ පඩි නඩි සහ විශ්‍රාමවැටුප් ගෙවීමට වැය වී ඇත්තේ රුපියල් කෝටි 40,923ක් පමණි. එසේම අදාල කාලය තුළ සමාජ සුභසාදනය, සෞඛ්‍ය හා පෝෂණය, අධ්‍යාපනය, සහනාධාර සහ වෙනත් සහනාධාර යන ශීර්ෂයන් යටතේ රජය දරා තිබෙන මුළු වියදම රුපියල් කෝටි 14,962ක්ය.
මේ අනුව රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සියලුම සමාජ සුභසාදන වියදම් වෙනුවෙන් රජය දරා තිබෙන්නේ රුපියල් කෝටි 56000කට ආසන්න මුදලක්ය. පොලී ගෙවීම සඳහා පමණක් රුපියල් කෝටි 82,000කට ආසන්න මුදලක් මාස 04ක් තුළ දරා තිබේ. ගෝටාබය රාජපක්ෂ පාලන සමයේ 2022 මාස 4ක් තුළ බරපතල ආර්ථික ප්‍රතිවිපාක තිබියදී දරණ ලද පොලිය මෙන් දෙගුණයක් දරා තිබෙන්නේ මෙරට ජනතාව වෙනුවෙන් සැපයිය යුතු සෞඛ්‍ය සහ අනිකුත් අත්‍යාවශ්‍ය වියදම් දැඩි ලෙස කප්පාදු කර තිබෙන පසුබිමකය.











