ඕස්ට්‍රේලියාවට ගිය අනුර දිසානායක කර්මාන්ත ශාලාවක නිරීක්ෂණයට එක්වෙයි

ඕස්ට්‍රේලියාවට ගිය අනුර දිසානායක කර්මාන්ත ශාලාවක නිරීක්ෂණයට එක්වෙයි

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින් හමුවීමට එරටට ගොස් සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක එරට කර්මාන්ත ශාලා කිහිපයක් නිරීක්ෂණයටද සහභාගි වී තිබේ.

ඒ අනුව CALDERMEADE, VICTORIA හි පිහිටි Caldermeade Farm & Cafe කර්මාන්ත ශාලාවද නැරඹීමට ඔහු මෙහිදී අවස්ථාව උදාවී තිබේ.

එම කර්මාන්ත ශාලාව මගින් කිරි, එළු කිරි, චීස්, බටර්, යෝගට්, අයිස් ක්‍රීම්, කල්කිරි ආදිය නිෂ්පාදනය කරනු ලබයි.

අනුර දිසානායක හිටපු කෘෂිකර්ම, ඉඩම් වාරිමාර්ග හා පශු සම්පත් ඇමතිවරයා ලෙස මීට පෙර කටයුතු කර ඇත.

Facebook
Twitter
LinkedIn