අක්ත පත්‍ර බාරගන්න විදේශ දූතයන් කොළඹින් මහනුවරට කැඳවයි – ජනාධිපති රනිල්ගෙන් තවත් වැඩක් – පොලිසියටත් වැඩ ගොඩයි

අක්ත පත්‍ර බාරගන්න විදේශ දූතයන් කොළඹින් මහනුවරට කැඳවයි – ජනාධිපති රනිල්ගෙන් තවත් වැඩක් – පොලිසියටත් වැඩ ගොඩයි

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විදේශ තානාපතිවරුන් 12 දෙනෙකු සඳහා අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් හෙට (30) මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් හෙට මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

ඒ අනුව හෙට උදෑසන 9.30 සිට දහවල් 12.00 දක්වා කාලසීමාව තුළ මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.

උදෑසන 05.00 සිට දහවල් 12.00 දක්වා මාර්ගය දෙපස රථ වාහන නැවැත්වීම සඳහා අවසර ලබා නොදෙන නමුත් එම මාර්ගයන්හි රථවාහන ධාවනය කිරීමට හැකියාව ඇතැයි මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. එමෙන්ම උදෑසන 09.30 සිට 11.00 දක්වා කාලය තුළ තානාපතිවරුන් රැගත් රිය පෙරහැරවල් ගමන් ගන්නා අවස්ථාවලදි මෙම මාර්ගවල රථවාහන ගමනාගමනය වරින් වර නැවැත්වීමට කටයුතු කරනු ලබන්නේ යැයිද එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව එම මාර්ගයන් වන්නේ, ඩී. එස් සේනානායක විදීය. නගරසභා හන්දියේ සිට කුවින්ස් හෝටලය හන්දීය දක්වා. දළඳා විදීය. කුවින්ස් හෝටලය හන්දියේ සිට දළඳා විදීය කොටුගොඩැල්ල විදීය හන්දිය දක්වා. කොටු ගොඩැල්ල විදීය දළඳා විදීය හන්දියේ සිට කොටු ගොඩැල්ල විදිය රජ විදීය හන්දිය දක්වා. රජ විදීය කොටුගොඩැල්ල විදිය හන්දියේ සිට ජනාධිපති මන්දිරය දක්වාත් වූ මාර්ගයන්.

එමෙන්ම, මෙම කාලය තුළ මහනුවර නගරයේ සිට කටුගස්තොට දෙසට ගමන් කරනු ලබන රථවාහන සහ කටුගස්තොට දෙස සිට මහනුවර දෙසට ගමන් කරනු ලබන රථවාහන තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන්කරවීමට සැලසුම් කර ඇතැයිද එම නිවේදනයේ දැක්වේ.

Facebook
Twitter
LinkedIn