ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව වෙත හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නව සාමාජිකයන් පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම කොමිෂන් සඳහා සාමාජිකයන් පත් කිරීමට කටයුතු කළ බව ජනපති මාධ්‍ය අංශය තහවුරු කරයි.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ලෙස හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල් එල්. රත්නායක පත් කර ඇති අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙනිය පත්කර ඇත.
මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස එම්.ඒ පත්මසිරි චන්ද්‍රවංශ පෙරේරා සහ අමීර් මොහොමඩ් ෆායිස් යන අය පත්කර ඇති අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සෙසු සමාජිකයන් ලෙස නිමලසේන ගාර්දිය පුංදිහේවා, තයියමුත්තු තනරාජ්, මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනීෆා, සහ ආචාර්ය ගෙහාන් දිනුක් ගුණතිලක යන අය පත් කර තිබේ.
Views: 0










