රියඅනතුරකට ලක් වූ හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා රෝහල් ගතකරයි

රියඅනතුරකට ලක් වූ හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා රෝහල් ගතකරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනියක මෙන්ම හටපු රාජ්‍ය ඇමතිවරියකද වූ විජයකලා මහේෂ්වරන් ගමන් ගත් වෑන් රථය පුත්තලම මුන්දලම මංගල එළිය ප්‍රදේශයේ අනතුරට ලක්වීමෙන් මන්ත්‍රීවරිය ඇතුළු තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයිද අනතුරින් බරපතළ තුවාල ලද මන්ත්‍රීවරිය හලාවත මූලික රෝහලේ දැඩි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ යැයිද වාර්තා වේ.

ඇය යාපනයේ සිට කොළඹ බලා ගමන් කරමින් සිටියදී වෑන් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් ගසක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

අනතුර වන අවස්ථාවේදී වෑන් රථය තුළ ඇය සමග මෙහෙකාරියත් තවත් පුද්ගලයකුත් සිට ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අනතුරින් වෑන් රථයට බරපතළ බරපතල අලාභ සිදු ව තිබේ.

Facebook
Twitter
LinkedIn