ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශයට සහ බ්‍රිතාන්‍යයට ගිය නිල සංචාරයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් හමු නොවී මගහැර ගොස් ඇති බව අනාවරණය වේ.
මේ වනවිටත් රනිල් වික්‍රමසිංහගේ නායකත්වය පිළිගනිමින් එම පක්ෂයේ රැඳී සිටින සීමිත පිරිසක් දෙනා මේ තත්වය හමුවේ දැඩි කලකිරීමකට පත්ව සිටින බව වැඩි දුරටත් වාර්තා වේ. රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික සම්බන්ධීකරණ ලේකම් මගින් එම සංචාරයට පෙර සිටම හමුවීමේ අවස්ථාවක් ලබා දෙන ලෙස පාක්ෂිකයන් බොහෝ දෙනෙක් ඉල්ලීම් කර තිබී ඇත.
මේ නිසා ලන්ඩනයට සහ පැරීසියට ඔහු ලඟා වූ අවස්ථාවේ හමුවී සාකච්ඡා කිරීමට කරුණු පවා සූදානම් කර ගෙන තිබී ඇති බවත් විශේෂයෙන් ම තමන් සතු මුදල් මෙරට ආයෝජනය කිරීමේදී දැනට මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම කෙරෙහි වැඩි බලාපොරොත්තු තබා ගෙන සිට ඇත.
එහෙත් රනිල් හමුවීම සඳහා කිසිදු අවස්ථාවක් ලබා නොදීමෙන් දැඩි කළකිරීමට පත්ව එය එළිපිටම ප්‍රකාශ කරමින් සිටින බව වාර්තා වේ.










