ජලය සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා පාංශු උණ ලෙසින් හඳුන්වන රෝගී තත්වයක් පැතිරෙමින් පවතින බවත් එම රෝගී තත්වය මාරාන්තික විය හැකි බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණය කරයි.
මෙලියඩෝසිස් හෙවත් පාංශු උණ නමැති මෙම රෝග තත්වය, පවතින වැසිසහිත කාලගුණයත් සමග ජලයෙන් සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මෙම බැක්ටීරියාව පාදයේ පවතින තුවාල මගින්, අපිරිසිදු ජලය පානය කිරීමෙන් සහ ආඝ්‍රාණය මගින්ද ශරීරගත වන බවය.
1










