රාජ්‍ය බැංකුවල මහජන තැන්පතු කෝටි 47,000කට ගේමක් දෙන සූදානමක්

රාජ්‍ය බැංකුවල මහජන තැන්පතු කෝටි 47,000කට ගේමක් දෙන සූදානමක්

රාජ්‍ය බැංකුවල තැන්පත් කර තිබෙන මහජන මුදල්වලින් රුපියල් කෝටි 47,000කට ආසන්න අති විශාල මුදල් ප්‍රමාණයක් අක්‍රීය ණය ලෙස කපා හැරීමේ අවදානමක් මතු වී තිබේ.

පසුගිය වසරේදී මෙලෙස වර්ගීකරණය කරන ලද ණය ප්‍රමාණය ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රමුඛ අනෙකුත් රාජ්‍ය බැංකු කිහිපයක විශාල වශයෙන් ඉහළ දමා ඇත. මේ අතර සත්‍ය වශයෙන්ම ණය ගෙවාගත නොහැකි තත්වයකට ආර්ථික වශයෙන් බංකොලොත් වුණු පුද්ගලයන් සහ ව්‍යාපාර යම් ප්‍රමාණයක් ඇතුළත් වුවද දේශපාලනඥයින්ගේ සමීපතම ජාවාරම් කරුවන් වෙනුවෙන් ණය කපා හැරීම ඉතා විශාල ප්‍රමාණයක් පවතින බව අනාවරණය වේ.

ලංකා බැංකුවේ රුපියල් කෝටි 32,463ක්ද මහජන බැංකුවේ රුපියල් කෝටි 7,933ක්ද ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ රුපියල් කෝටි 2,298ක්ද ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ රුපියල් කෝටි 1,782ක් නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ රුපියල් කෝටි 1,461ක් සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ රුපියල් කෝටි 768ක් වශයෙන් අක්‍රීය ණය වෙන් කර ඇත.

මෙම තොරතුරු මුදල් අමාත්‍යාංශයේ 2022 වාර්ශික වාර්තාවෙන් හෙළි වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්