ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන් වන්දි ගෙවා ඉවත් කිරීමේ සූත්‍රයක් යටතේ ස්වේච්ඡාවෙන් ඉවත්වී යාමට ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධනගේ මූලිකත්වයෙන් ක්‍රියාමක කර ඇති අතර පසුගිය 31 දින වනවිට එසේ ඉවත් වූ 150කට අධික සේවක පිරිසකට කිසිදු වන්දියක් ලබා නොදීම සම්බන්ධයෙන් අද (20) සංස්ථා පරිශ්‍රයේදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ.
මෙම විරෝධතාවට පිළිබඳව කිසිදු මාධ්‍යයකින් ප්‍රචාරය කිරීමට ඉඩ නොදී වලක්වා ඇති බවද අනාවරණය වේ.
ගෙවී ගිය මාස 03ක පමණ කාලයක සිට 230 දෙනෙකු පමණ මෙසේ වන්දි ලබා නොදී ඉවත් කර හැරිමට ඇමතිවරයාගේ උපදෙස් අනුව අධ්‍යක්ෂ ජනරාල් කටයුතු කර ඇති බව අනාවරණය වේ. එසේම වයස අවුරුදු 50ට වැඩි සේවකයින් මෙම වන්දි සූත්‍රය යටතේ ඉවත් කළ නොහැකි වුවත් එසේ ඉවත් කරන ලද පිරිස 60කට අධික බව හෙළි වී තිබේ.
වයස අවුරුදු 50ට වැඩි පිරිස අනීතික විශ්‍රාම ගැන්වීම පිළිබඳව හෙළි වූ පසුව පසුගිය නව චක්‍රලේඛයක් නිකුත් කරමින් වයස අවුරුදු 50ට අඩු අය පමණක් මෙසේ විශ්‍රාම ගැන්වෙන බව දන්වා යවා ඇත. මේ ආකාරයට ගුවන් විදුලි සංස්ථාව තුළ දැඩි ව්‍යාකූලත්වයක් ඇති කරමින් ක්‍රියා කිරීමට එරෙහිව සහ අදාළ වන්දි ලබා නොදීමට එරෙහිව විරෝධතා දැක් වූ පසුව මූලික වන්දි ලබාදීම සඳහා ඇමති බන්දුල ගුණවර්ධනගේ මූලිකත්වයෙන් කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.
















