එජාප අපේක්ෂක මහින්ද කහඳගම මූල්‍ය වංචාවකට අත්අඩංගුවට

එජාප අපේක්ෂක මහින්ද කහඳගම මූල්‍ය වංචාවකට අත්අඩංගුවට

කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීම සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂ මහින්ද කහඳගම අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර ඇත.

ඔහු පිටකොටුව ස්ව්‍යං රැකියා වෙළෙද සංගමයේ සභාපති ලෙස කටයුතු කරන අතර පොහොට්ටු පක්ෂයේ හිටපු කොළඹ මහ නගර සභා මන්ත්‍රී ලෙසද කටයුතු කළේය.

කොම්පඤ්ඤවීදියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසමින් මහින්ද කහඳගමගේ විසින් පැමිණීලිකරු වන මහනුවර පදිංචි ජයන්ත මුණවීර යන අයගෙන් රුපියල් ලක්ෂ 70ක මුදලක් ලබාගෙන වංචාකර ඇති බවත් පැමිණීලිකරු අවස්ථා දෙකකදී චෙක්පත් සහ මුදල් මගින් මෙම මුදල සැකකරුට ලබාදී ඇති බවත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව මෙම සැකකරු අද කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දන්වා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්